අලුත් අවුරුදු DIGITAL ලිත.

DIGITAL ලිත

2023 සිංහල අවුරුදු චාරිත්‍ර

ChatGPT

පරණ අවුරුද්ද සදහා ස්නානය

අප්‍රේල් මස 12 වැනි බදාදා දින කොහොඹ පත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයෙහි යෙදී වාසය කිරීම ඉතාමත් මැනවි.

අලුත් අවුරුදු උදාව

අප්‍රේල් මස 14 වෙනි සිකුරාදා දින අපර භාග 02.59 ට සිංහල අලුත් අවුරුද්ද උදා වේ.

පුණ්‍ය කාලය

අප්‍රේල් මස 14 වන සිකුරාදා පූර්ව භාග 08.35 සිට එදින අපර භාග 09.23 දක්වා පුන්‍ය කාලය බැවින් අප්‍රේල් මස 14 වන සිකුරාදා දින පූර්ව භාග 08.35 ට පළමුව ආහාර පාන ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත් වල යෙදීමද පුණ්‍ය කාලයේ අපර කොටස තුල එනම්, 14 වන සිකුරාදා අපර භාග 02.59 සිට අපර භාග 09.23 දක්වා කාලය තුල පහත දැක්වෙන අයුරින් ආහාර පිසීම , වැඩ ඇල්ලීම , ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය ආදී නැකැත් චාරිත්‍ර ක්‍රම ඉටු කිරීමද ඉතා මැනවි.

ආහාර පිසීම

අප්‍රේල් මස 14 වැනි සිකුරාදා අපර භාග 03.29 ට විචිත්‍ර වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැද ගිනි මොළවා දීකිරි මිශ්‍ර කිරිවතක් හා තල සහ විලද මිශ්‍ර කැවිලි වර්ගයක්ද ද පිළියෙල කර ගැනීම ඉතාමත් මැනවි.

වැඩ අල්ලීම , ගනුදෙණු කිරීම හා ආහාර අනුභවය

අප්‍රේල් මස 14 වැනි සිකුරාදා අපර භාග 05.05 ට විචිත්‍ර වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභව කිරීම ඉතාමත් මැනවි.

හිසතෙල් ගෑම

අප්‍රේල් මස 16 වැනි ඉරිදා දින උදේ 09.41 ට රතු සහ කහ මිශ්‍ර වර්ණ (තඹ පැහැති) වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා හිසට ඉඹුල් පත් ද පයට නුග පත්ද තබා ඉඹුල් පත් යුෂ මිශ්‍ර නානු ද තෙල් ද ගා ස්නානය කිරීම ඉතාමත් මැනවි.

රැකීරක්ෂා සදහා පිටත්ව යාම

අප්‍රේල් මස 17 වන සදුදා පූර්ව භාග 06.28 ට සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී , දීකිරි මිශ්‍ර කිරිබතක් සහ කැවිලි වර්ගයක් අනුභව කර දකුණු දිශාව බලා පිටත්ව යාම ඉතාමත් මැනවි.

පැළ සිටුවීම

අප්‍රේල් මස 20 වැනි බ්‍රහස්පතින්දා උදෑසන 06.38 ට රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා පැළ සිටුවීම මැනවි.


සැ.යු. ඉහත සදහන් නැකැත් වේලාවන් සකස් කර ඇත්තේ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අනුග්‍රහ ඇතුව සිංහල අවුරුදු නැකැත් කමිටුව විසිනි. (සියලූම වේලාවන් ශ්‍රී ලංකාවේ සම්මත ඔරලෝසු වේලාවෙනි.)


ඔබ සැමට සාමය සතුට පිරි සුභ නව වසරක් වේවා... !

උපුටාගැනීමකි

Post a Comment

1 Comments

Please Select Embedded Mode To show the Comment System.*